ඩිලාන් පෙරේරාගේ ලක්ෂ 1590ක සුපිරි ගැහිල්ල…

Spread the love

2015 අවුරුද්දේදී විගණකාධිපතිවරයා විසින්  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්දයෙන් විශේෂ විමර්ශනයක් සිදු කලා . එහිදී අනාවරණය වුයේ එවකට විෂයභාර ඇමතිවරයා වූ ඩිලාන් පෙරේරා මහතා විසින් තම දේශපාලන කටයුතු සඳහා  රුපියල් ලක්ෂ 1590ක් යොදා ගනිමින් තම අමාත්‍යංශයට පාඩු සිදු කොට ඇති බවයි.

එම දේශපාලන කටයුතු මෙසේයි..

රණවිරු ඩාන්ස්ටා වැඩසටහන වෙනුවෙන්                                            – රු.ලක්ෂ 1340ක්,

නිලධාරීන් 116ක් බදුල්ල දිස්ත්රික්කයේ මැතිවරණ කටයුතු වල යෙදවීම  – රු.ලක්ෂ    94ක්

ඩිලාන් පෙරේරා මහතාගේ කටවුට් සහ බැනර් ප්‍රදර්ශන සඳහා                  -රු.ලක්ෂ    22ක්

2014/11/08 දින අරලියගහමන්දිරයේ අහාර පාන සඳහා                        – රු.ලක්ෂ   38ක්

වෙනත් වියදම්                                                                                 – රු. ලක්ෂ 96ක්

 පුදුම සහගත කරුණ වන්නේ ඩිලාන් පෙරේරා මහතා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ඇමතිවරයා ලෙස සිටියදී එවකට ජනාධිපතිවරයා පදිංචිව සිටි අරලියගහමන්දිරයේ ආහාර පාන වල බිල් පවා ගෙවන්නට සිදුවීමයි…

විගණන වාර්තාව ඉදිරිපත් කර දැනට අවුරුදු 2ක් ගතවුවත් ඩිලාන් පෙරේරා ඇමතිතුමා ගැන මෙතෙක් කිසිදු පියවරක් අරන් නැහැ…