‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී

‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී
Spread the love

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.

1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව අසාද් සාලි මහතා වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අත්අඩංගුවට ගැනීම සිදු වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අසාද් සලි මහතා රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ද පැවසුවා.