සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා

සොයිසා කාන්තා රෝහලේ දී බිහි වූ බිළිඳුන් 70කට කොරෝනා
Spread the love

කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි.

ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය ගමඇතිගේ මහතා මේ බව පැවසුවේය.

මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගමඇතිගේ මහතා මෙසේද සදහන් කළේය. ‘‘මේ වන විට කොළඹ සොයිසා කාන්තා රෝහලේදී පමණක් කොවිඩ්-19 ආසාදිත බිළිදුන් 70 දෙනකු පමණ බිහිවී තිබෙනවා. එම සියලු බිළිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ ගර්භාෂය තුළදී ම වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් තිබෙනවා“

මෙම මාධ්‍ය හමුවට එක්වූ කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ, ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවයි. ගැබිණි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු සදහන් කළේය.