එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට

එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට
Spread the love

එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. දිවා/රාත්‍රී තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියද ජෛව ආරක්ෂිත පරිසරයකට ලඝු කොට (Bio Bubble) පැවැත්වෙන අතර තරග 3 ම ඩාකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අන්තර් සංචිත පුහුණු තරගයකට ක්‍රීඩා කරනු ඇත.

තරග කාලසටහන
දිනයතරගයක්‍රීඩාංගණය
මැයි 16ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය බලා පිටත්වීම 
මැයි 21අන්තර් සංචිත පුහුණු තරගයජාතික පුහුණු විද්‍යායතනය පිටිය
මැයි 23පළමු ඒක්දින තරගයශ්රේ බංග්ලා
මැයි 25දෙවැනි ඒක්දින තරගයශ්රේ බංග්ලා
මැයි 28තෙවැනි ඒක්දින තරගයතශ්රේ බංග්ලා