ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු
Spread the love

විපක්ෂ නායකවරයාගේ ගරු ආර්යා තනතුර හොබවන ජලනි ප්‍රේමදාස කොළඹ ෂැංග්‍රීලා හෝටලය තුළ vvip සැලූන් සහ ස්පා එකක් පවත්වාගෙන යන බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එහි නම ‘Jalspa’ යන්නයි. සැලුන් එක සහ ස්පා එක ජලනිගේ වෘත්තීය ආදායම් මාර්ගයයි. රජය විසින් නිරෝධායන නීති යටතේ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහ ස්පා වසා දමන ලෙස පවසා තිබියදීත් ජලනි ප්‍රේමදාස ගේ vvip ස්පා එක විවෘතව තබාගෙන සිය සේවාදායකයන්ට සේවා සපයන ලදී. සජිත්ගේ අතිජාත මිත්‍ර ටිරාන් අලස් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීය. ඔහුගේ සමීප හිතවත්කම මත මේ වනවිට ජලනි බැසිල් රාජපක්ෂගේ සුවච කීකරු දේශපාලන ඩීල් කාරියක් වී සිටින බව සමගි ජනබලවේග අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සැලවේ. එමනිසා ජලනිට නිරෝධායන නීතියට පිටින් ස්පා එක පවත්වාගෙන යාම ගැටලුවක් නොවන්නට ඇත.

කෙසේ වෙතත් පසුගිය 14 වනදා එහි සේවය කල සියලු දෙනා කෝවිඩ් පොසිටිව් වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු විය. ඒ අනුව 15 වනදා ආයතනය වසා දැමීමට ජලනි ප්‍රේමදාස කටයුතු කරන ලදී. එහෙත් එදින සිට ස්වයං නිරෝධායනය විය යුතු ප්‍රේමදාස යුවළ එසේ නොකර එය රහසක්ව තබා ගනිමින් වගකීම් විරහිත ලෙස හැසිරී ඇත.

ජලනි සමගිය අනතුරේ හෙලීම

ජලනි ප්‍රේමදාස නිල නොවන පක්ෂ නායිකාව ලෙස ක්‍රියා කරන බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ සියළුදෙනාම දන්නා කරුණක් බවට පත්ව ඇත. පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගයේ නායිකාව වන්නේද ජලනිය. පක්ෂයේ නිල නොවන තීරණ ගන්නා කමිටුව (Kitchen Working Committee) රැස් වන්නේද ජලනිගේ ස්පා එක තුළය. ඒ සඳහා නිරූපා කරුණාරත්න, සුලක්ඛනා වැන්නියන් නිරන්තරව සහභාගීවේ. පක්ෂයේ නිල නොවන රැස්වීම් සිය ස්පා එක තුළ පවත්වද්දීත් ජලනිට වගකීම් සහගතව හැසිරී ස්පා එක මගින් පක්ෂයට කොරෝනා බෝ නොකිරීමට යුතුකමක් තිබිණි. එහෙත් ඇය එය පැහැර හැර ඇත.

සජිත් නිරෝධායන නීති කඩමින් රණවිරු සැමරුමට එක්වෙයි.

තත්ත්වය එසේ තිබියදී මේ සියල්ල රහසක් ලෙස තබා ගනිමින් වගකීම විරහිත ලෙස මැයි 22 රණවිරු සැමරුමට ද සජිත් සහභාගීවී තිබේ. ජනාධිපති, අගමැති ඇතුලු මැති ඇමතිවරුද ත්‍රිවිධ හමුදාපතිවරු ද සහභාගී විය.

එලෙස මුලු රටක්ම වගකීම් විරහිත ලෙස ක්‍රියාකරමින් අනතුරේ හෙළීම නිරෝධායන නීතිය යටතේ බරපතල වරදකි. මේ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 262 සහ 264 වගන්ති යටතේ සජිත් සහ ජලනි යුවලට නඩු පැවරිය හැක.

එහෙත් රාජපක්ෂලා සජිත්ට කෙසේ වෙතත් ජලනිට එසේ නොකර බව පෙනෙන්නට තිබේ. සජිත් නිවාස ඇමති කාලයේ රටපුරා සෑදූ නිවාස වලට සිමෙන්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ජලනිගේ මව බව මේ වනවිට දැනගන්නට ඇත. ඒ තුළින් ඇය විශාල මුදලක් හම්බකරගෙන ඇති බව ආරංචිය. එහෙත් රාජපක්ෂලා ඒවා සොයන්නේ නැත. මධ්‍යම සංස්කෘතික අරමුදේ සිදුවූ වංචා පිළිබඳව ද කිසිඳු හාවක් හූවක් නැත. ඩීල් එක යන්නේ එහෙමය. මීට පෙර සජිත් ගේ අක්කා දුලාංජලී හොර නෝට්ටු මුද්‍රණය කර හසුවූ විට ඇයව බේරාගත්තේ ද මහින්ද රාජපක්ෂය.

කෙසේ වෙතත් සාමන්‍ය ජනතාව නිකටෙන් පහලට මාස්ක් එක දැමූවිට එය හේතුකොටගෙන කුදලාගෙන යන පොලිසිය හෝ ඒවා වීඩීයෝ කරමින් ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය කෙලෙසන මාධ්‍ය සජිත් සහ ජලනිගේ නිරෝධායන නීති උල්ලංඝනය ගැන මීක් කියන්නේ නැත. අපේ රටේ මාධ්‍ය, විපක්ෂය සහ ආණ්ඩුව යන සැමට පුරවැසියාට වඩා ඩීල් එක ලොකුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙව් රටක ඉපදීමේ පව ගෙවිය යුතු වන්නේ පුරවැසියාය.

-සමගි ජන බලවේගය සුරකීමේ ව්‍යාපාරය-