ජෛව බුබුළට පයින් ගැසූ ‘කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල‘ යළි කැඳවයි

ජෛව බුබුළට පයින් ගැසූ ‘කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල‘ යළි කැඳවයි
Spread the love

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී ඊයේ (27) රාත්‍රීයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළ බවත් ඔවුන් තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

මෙම ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමේ නීති රීති පමණක් නොව නිරෝධාන නීති පවා උල්ලංඝනය කරමින් ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරයත් දුම්වැටික් පානය කිරීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව තිබෙනවා.