පළමු එක්දින තරගයෙන් එංගලන්තයට පහසු ජයක්

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට පහසු ජයක්
Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද (29) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුළු 05ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 වෙත ළගාවීමට නොහැකි වූ අතර පන්දුවාර 42.3කදී ලකුණු 185කට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුළු දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34.5කදී කඩුළු 05කට ලකුණු 189ක් වාර්තා කරමින් තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 81කට ලකුණු 73ක් සහ වනිදු හසරංග පන්දු 65කට ලකුනු 54ක් වාර්තා කළා.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට්ස් පන්දු 89කට ලකුණු 79ක් වාර්තා කළ අතර දුෂ්මන්ත චාමර ලකුණු 50කට කඩුළු 03ක් වාර්තා කළා