ශ්‍රී ලංකාව සුපිරිම සුපිරි ‘එක්දින තරඟ’ වාර්තාවක් තබයි

ශ්‍රී ලංකාව සුපිරිම සුපිරි ‘එක්දින තරඟ’ වාර්තාවක් තබයි
Spread the love

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරඟ ගණනින් පරාජයට පත්වී නව වාර්තාවක් තැබීය. ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 428ක් පරාජය වී ඇති අතර ඉන්දියාව 427ක් සහ පාකිස්තානය 414ක් පරාජය වී තිබේ.

1975 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 860 කට ක්‍රීඩා කර ඇති අතර 390ක් ජයග්‍රහණය කර 428ක් පරාජයට පත්ව ඇත.

2015 සිට මේ දක්වා එක්දින තරගවලින් 62% ක් ශ්‍රී ලංකාවට පරාජය විය.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී / පරාජිත අනුපාතය 0.911 ක් වන අතර එය ඉහළම ක්‍රිකට් රටවල් අතර බංග්ලාදේශයට හා සිම්බාබ්වේට වඩා ඉහළ අගයක් ගනී. 1.770 අනුපාතයකින් දකුණු අප්‍රිකාව පහළින්ම සිටී.