‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි

‘ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩලය‘ ඉවත් කරයි
Spread the love

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 13 වැනිදා ආරම්භ වන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවා.

පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවත් එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණකුරුවකු ඇතුඵ කාර්ය මණ්ඩලයක් ඉදිරියේදී පත්කරන බවත් මොහාන් සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවා.