‘සාකච්ඡා අසාර්ථකයි ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය

‘සාකච්ඡා අසාර්ථකයි  ගුරු – විදුහල්පති සටන දිගටම‘ – ලංකා ගුරු සංගමය
Spread the love

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා.

අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරන්නේ එහිදී මෙම ගැටළු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හෝ තමන් වෙත ලබා දීමට ඔවුන් මැලි වූ බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කල් මරණ ආණ්ඩුවට මෙම ගැටළු විසඳා දරුවන්ගේ අධ්‍යාපනය කඩිනම් කරගැනීම සඳහා ආණ්ඩුවට බල කරන්නැයි ඔහු දෙමවිපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන්ද ඉල්ලා සිටියා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹා ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීම, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනුයි.