පොහොට්ටුවේ අනාගතය ගැන විදුරගෙන් සුපිරි අනාවැකියක්

පොහොට්ටුවේ අනාගතය ගැන විදුරගෙන් සුපිරි අනාවැකියක්
Spread the love

ආණ්ඩුව මේ යන ගමන මේ ආකාරයට දිගටම ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පොහොට්ටු පක්ෂයටත් සිදුවන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ පසුගිය 31 වනදා බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

“ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් බහුතරයක් ජනතාව විසින් ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබුයේ එක රටක් එක නීතියක් වෙනුවෙනුයි. නමුත් අපිට සැකයක් මදිපුංචිකමක් මේ වනවිට දැනෙමින් පවතිනවා. බැඳුම්කර හොරු ටික ඇල්ලුවද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය තවමත් නිදැල්ලේ. මෙහි ප්‍රධාන චූදිතයෝ තාම නිදැල්ලේ. සමහර අය පාර්ලිමේන්තුවෙත් සිටිනවා. මේ ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා.

කාබනික පොහොර සංකල්පය බොහෝම හොඳ සංකල්පයක්. නමුත් අවාසනාවකට මෙය එකසැරේ කරන්න බැහැ. ඊට යම් කාලසීමාවක් අවශ්‍යයි. පස හා පැළෑටි කියන්නේ පණ තියෙන දේවල්. ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි. මෙරට පස හා පැළෑටි වසර හතළිහකට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරු වෙලයි තිබෙන්නේ. පසට හා පැලෑටිවලට අවශ්‍ය දේ අපි දිය යුතුයි. එම නිසා ඒ ගැන සිතා කටයුතු කළ යුතුයි. එය එක රැයකින් කළ හැකි දෙයක් නොවෙයි. එහෙම කරන්න ක්‍රමයක් තිබෙනවා.