ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.

අද ‍පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ ගරු සභානායක සහ විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ  ඉන්දික අනුරුද්ද යන මහත්වරුන් විසිනි.

අනතුරුව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පිවිසියේය.

සභා ගර්භය තුළදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයන් විසින් අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලබාදෙන අවස්ථාවට සහභාගීවූ ජනාධිපතිවරයා මධ්‍යහ්න 12.00 පමණ වන තෙක් සභා ගර්භය තුළ රැඳී සිටියේය.