මට සමාවෙන්න.. මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. ..- සුජීව සේනසිංහගෙන් දැඩි තීන්දුවක්…

Spread the love

තමන් ඇතුළු පිරිස මහන්සි වී ගොඩනැගු  එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. ඇමති පට්ටම් කුමටද වැඩක් කර නොහැකි නම්.. මේකට වඩා පළාත් සභාව හොදයි යනුවෙන් ඉකුත්දා පැවති එජාප ප්‍රබලයන්ගේ රැස්වීමේදී සුජීව අගමැති රනිල්ට බැනවැදී ඇත.

තමනට හැකි තාක් කාලයක් දේශපාලනයේ සිටින බවත් බැරි වූ දිනෙක ඉවත් වන බවත් ඔහු කියා සිටියේ කොලොන්නාවේදී පැවති ජනහමුවක් අමතමිනි. කොලොන්නාව අද වෙද්දී වැටිලා තියෙන තැනට හේතුව කවුද? අපි හැමෝම. අවාසනාවකට එක තේරුම් ගන්න රනිල්ට මොලයක් නෑ යනුවෙන්ද ඔහු පවසා ඇත්තේ ජනතාවගේ ඔල්වරසන් හඩ මැද්දේය..

ආණ්ඩුවක්ද ගෙන කිසිත් ජනතාවට කරගන්න නොහැකි වීම නිසා සමාව ඉල්ලා සිටින බවද ඔහු එහිදී පැවසීය.

[rns_reactions]