උතුරුමැද පළාත් සභාව සතියක් ඇතුළත පෙරළා දමා තමන්ගේ බලය පෙන්වන ලෙස එස්. එම්ට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. සමහර අය පිස්සන් මෙන් දගලුවාට තමන් ඒවාට කලබල නොවන බවත් ප්‍රශ්න විසදාගන්න එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් නොහැකි බවත් කී ඇමතිවරයා මෙසේ ද පැවසීය.
නියෝජනය කරන මන්ත්‍රීවරුන් විටින් විට රටම හිනස්‌සන විහිළු කතා කියනවා. උතුරු මැද පළාත් සභාව පෙරළා දැමීමත් ඒ වගේම විහිළුවක් ලෙසයි මම දකින්නේ. සතියකින් අපි බලමු කොහොමද පළාත් සභාව පෙරළන්නේ කියලා.
ඇමැතිකම් නැති වුණාම සංවිධායකකම් නැති වුණාම එක එක්‌කෙනා හිතේ දුකට, තරහට කතා කියනවා. ඒවා ගැන පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කලබල වන්නේ නෑ
[rns_reactions]

