වාසුගේ බහට නටන උතුරේ වීගිට ලබන පාර චාන්ස් නෑ – දෙමල සන්ධානයෙන් තීරණයක්…

Spread the love

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභා ප්‍රාධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විග්නේෂ්වරන් වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පත්ව සිටින බවත් දැනගන්නට තිබේ.

විග්නේෂ්වරන් මහතා පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සන්ධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණයට සඳහා බලපා ඇතැයි වාර්තා වෙයි.

උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේදී පැවැත්විය යුතුව ඇත.

[rns_reactions]