විස්සයි 20 නායකත්වයෙන් විරාත් කෝලි ඉවත් වේ

විස්සයි 20 නායකත්වයෙන් විරාත් කෝලි ඉවත් වේ
Spread the love

ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට චිරාත් කෝලි තීරණය කර තිබේ.

සිය ට්විටර් ගිනුවේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා “පූර්ණ” සූදානම් වීමට තමාට “ඉඩ” ලබා දිය යුතු බවයි.

විස්සයි 20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වේ.

ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී ලකුණු 3,159 ක් ලබා ඇති අතර ටෙස්ට් නායකත්වය භාරගෙන වසර තුනකට පසු 2017 දී කෝලි සීමිත පන්දුවාර නායකයෙකු ලෙස පත් කරන ලදී.

එම්එස් දෝනිගේ නායකත්වය යටතේ 2016 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.

“ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය කාලය තුළ මගේ වෙහෙසකර කාලසටහන ගැන සලකා බැලීමේදී මෙම තීරණය ගැන නිවැරදි යැයි මට හැඟේ” යනුවෙන් කෝලි ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

“විස්සයි 20 නායකයා ලෙස සිටි කාලය තුළ මම කණ්ඩායමට සෑම දෙයක්ම ලබා දී ඇති අතර තව දුරටත් විස්සයි විස්ස කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස දිගටම ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරමි” යනුවෙන් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

පසුගියදා පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට කෝලි නායකත්වය දුන් අතර, තරගාවලියේ විසඳුම තවමත් නිශ්චය කර නොමැත.

ලබන ඉරිදා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්හි නායකත්වය දරයි.

බී.බී.සී ඇසුරිනි