‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘

‘පළාත් සභා බෑ – සජිත්ට වුවමනා නම් පළාත් පාලන ඡන්දය දෙන්නම්‘
Spread the love

පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දඹුල්ල මහ නගර සභාව මගින් පෞද්ගලික ව්‍යාපාරිකයන් ගේ  සහයෝගය මත දඹුල්ල බස් නැවතුම්පොළ  ඉදිරිපිට අංග සම්පූර්ණ දෙමහල් වෙළෙඳ සංකීර්ණයක් ඉදි කොට තිබිණි. එමෙන්ම දඹුල්ල මහනගර සභාවේ  අරමුදල් වලින් සහ මධ්‍යම පළාත් සභාවේ අරමුදල්වලින් බස් නැවතුම් පොළ භූමිය කාපට් අතුරා පිරවිසුම් මාර්ග සංවර්ධනය කොට තිබිණි.

අමාත්‍යවරයා මුලින්ම ප්‍රධාන බස් නැවතුම්පළ පිවිසුම් මාර්ගය නාමල් උයන මාවත නමින් විවෘත කොට දෙවනුව දෙමහල් වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සඳහා එක්වීය.

පසුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් වීමසා සිසා සිටියේ  රාජ්‍ය ආයතන වල කොවිඩ් මර්ධන කටයුතු සදහා නිලධාරියෙකු පත් කරන යෝජනාව පිළිබඳවය. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකරන බවත් එම යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බව ය.

එමෙන්ම ඉදිරියේදී ඉදිරිපත් වීමට යෝජිත අයවැය පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ මෑත යුගයේ ලැබෙන ඉතා හොඳම අයවැය මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව බවය.

ඉදිරිපත් කරන අය වැය ගැන රහස්  හෙළි  කිරීමට නොහැකි වුවද ජනතාව පුදුමයට පත් කරවන අය-වැයක් සැකසී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කිරිපිටි ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය අයවැයෙන් පසුව ඇති නොවන බව ද ඒ මහතා අවධාරණය කළේය.

මෙරට රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවය පිළිබඳව තෘප්තිමත්භාවය ඇත්දැයි යන්න මාධ්‍යවේදීන් මේ දී අමාත්‍යවරයාගෙන් විමසන ලදී ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ  ඉතිහාසයේ සිටම රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව කෙරේ එතරම් තෘප්තිමත් භාවයක් නොමැති බවය.

ජනතාව තෘප්තිමත් රාජ්‍ය සේවයක් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවකයන්ට තම පවුල් වලින් ම ජනතාව කෙරේ විශ්වාස දනවන  වැඩ කිරීමේ හැකියාව තිබිය යුතු බවද පෙන්වා දුන්නේය.

ජනතාව සියලු දෙනා එක්තු වී මෙම රටේ සංවර්ධන පරිවර්තනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා සිතුම් පැතුම් ආදී සියල්ල වෙනස් කොට ජනතාවාදී රටක් බිහි කිරීමේ වැඩසටහනක් රජය සැලසුම් කර තිබෙන බවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය ළඟදි පැවැත්වෙනවා ද යන්න මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ මැතිවරණයක් ළඟදි පැවැත්වීම සඳහා වාතාවරණයක් නොමැති බවය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවය තිබෙන බවත් එසේ අවශ්‍ය නම් ඔහුට පළාත් සභා මැතිවරණය පවත්වා ගෙන යා හැකි බවද ඒ මහතා සඳහන් කළේය

රාජ්‍ය සේවය සදහා බදවා ගත උපාධිධාරීන් හට රැකියා ස්ථිර කිරීමද ඉදිරියේදී සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල