සබදතා ශක්තිමත් කරමින් ජනපති හෙට රුසියා යයි…

Spread the love

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (19) රුසියාව බලා පිටත්ව යන අතර හෙට සිට ලබන 24 දා දක්වා ජනාධිපතිවරයා රුසියාවේ රැඳී සිටීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට අතර සංස්කෘතික, සංචාරක සහ ආර්ථික ක්‍ෂෙත‍්‍රවල ගිවිසුම් කිහිපයකට මෙහිදී අත්සන් තැබිමට නියමිත අතර අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග සහ එස්. බී. නාවින්න ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිතය.