මේක අවසන් කන්නය නොවේවා ! දේශය ලොකු ලූණු ගොවීන්ගේ කතාව

මේක අවසන් කන්නය නොවේවා ! දේශය ලොකු ලූණු ගොවීන්ගේ කතාව
Spread the love

දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්”

දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් 150ක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ළූණු කිලෝව රුපියල් 200 ඉක්මවන  වන  මිලක්  ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා අද (12) පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ළූණු ගොවීන් සිය අස්වැන්න මේ දිනවල රැගෙන ඒම සිදු කරති.

දේශීය ලොකු ළූණු කිලෝවක  ගැණුම් මිල රුපියල්  130 සිට  150 දක්වා වූ මිල ගණන් යටතේ මිලදී ගැනීම් සිදු වෙන බව ගොවීහූ පවසති.

විදේශීය  රට වලින් ලොකුළුණු  ගෙන්වීමේදී  කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් අයකිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ දේශීය ලොකු ළූණු ගැනුම් මිල ඉහළ ගිය බව ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.

විදේශීය රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් ද මේ දිනවල රුපියල් 140 ත් 150 ත් අතර  මිලයකට අලෙවි වන බව ලොකු ළූණු ගෙන්වන වෙළෙන්දෝ  පවසති.

තම  අස්වැන්න සදහා  හොද මිලක් ලැබීම සම්බන්ධයෙන් ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් ද සිය අදහස් ප්‍රකාශ කළහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  සභාපති යූ. බී. ඒකනායක මහතා. – “දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලෙවි කිරීම් සඳහා රැගෙන එන දේශීය ලොකු ළූණු සඳහා හොඳ මිලක් මේ දිනවල ලැබෙනවා. උපරිම රුපියල් 150ක  මිලටත් අලෙවි වෙනවා. ලොකු ළූණු වල තත්ත්වය අනුව තමයි එහෙම මිල තීරණය වෙන්නේ. කෙසේ වෙතත් හොඳ මිලක් මේ දවස්වල ගොවීන්ට ලැබෙමින් පවතින බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඩොලරය හිග වීමත් එක්ක විදේශ රටවලින් ලොකු ළූණු ආනයනය කිරීමත් ප්‍රමාද වෙලා තියෙනවා. ඉදිරි සති කිහිපය අනිවාර්යෙන්ම දේශීය  ලොකු ළූණු කිලෝව රුපියල් 220 ත් අතර ඉහළ මිලයක් පවතී කියලා විශ්වාස කරනවා. දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්”

දේශීය ලොකු ළූණු  ගොවියෙකු වන ආර්. කේ. ගුණසේකර මහතා -“මම  ගලෙන්බිඳුනුවැව ඉඳලා තමයි ලොකු ළූණු ගෙනාවේ. මගෙම දේශීය  බීජ අරගෙන මම වගා කළේ. අද මගේ ළූණු සඳහා රුපියල් 150ක මිලක් මම කියනවා. ඒ තරම්ම හොඳ සාර්ථක අස්වැන්නක් මට ලැබිලා තියෙනවා. ලුණුත්  ප්‍රමාණයත් ඉතා ලොකු. ඒ නිසා අපි හිතනවා ළූණු සඳහා ඉදිරියේදී හොඳ මිලක් ලැබෙයි කියලා. අපේ  ළඟ තියාගෙන හිටපු රසායනික පොහොර යොදලා මේ වගා කළේ. හැබැයි ඉදිරි කන්නයේදී වගා කරන්න හැකියාවක් නැති වේවි. මොකද රසායනික පොහොර සහ කෘමිනාශක නැහැ. එනිසා සාර්ථක අස්වැන්නක් ලැබිලා අතමිට සරු වුණත් මේ මුදල් ටික අපිට තියාගෙන ඉන්න වෙයි වගාවක් නොකරන නිසා ජීවත් වෙන්න.”

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල