ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තම ලිස්ට් A තරඟවල ලබා ගත් 38 වන ශතකය වාර්තා කරමින් පසුගියදා පැවති රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ හැම්ප්ෂියර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 66ක ජයක් සරේ කණ්ඩායමට ලබා දීමට සමත් වුනා.
ජයග‍්‍රහණය සදහා ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සරේ කණ්ඩායම අයහපත් කාළගුණය නිසා තරගය නතර කරන විට පන්දුවාර 38ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 238ක් ලබා ගත් අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් තුලදි ලබාගත යුතු ලකුණු සංඛයාව වූයේ 178කි.
එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 121කදී ලකුණු 124ක් රැස් කළ අතර ඊට හතරේ පහර 2ක් හා හයේ පහර 13ක් ඇතුළත්.සරේ කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ස්ටොන්මන් ලකුණු 53ක්ද රොරී බර්න්ස් ලකුණු 39ක්ද රැස් කිරීමට සමත් වුනා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හැම්ප්ෂියර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08කට ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුනා.
පන්දුවාර 22කදී ලකුණු 89ක් පමණක් ලබදෙමින් හැම්ප්ෂියර් මුල් පෙළ පිතිකරුවන් 07 දෙනෙකු ක‍්‍රිඩාගාරය වෙත යැවීමට සරේ පන්දුයවන්නන් සමත් වූ නමුත් 08වන කඩුල්ල සදහා ජොර්ජ් බේලි හා කේල් ඇබොට් අගනා ලකුණු 152ක් එක්කරමින් හැම්ප්ෂියර් කණ්ඩායම ප‍්‍රබල තත්වයකට ඔසවා තැබුවා
එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ජොර්ජ් බේලි පන්දු 132කදී වේගවත් ලකුණු 145ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.බේලි ට අනගි සහයක් ලබා දුන් කේල් ඇබොට් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා
හැම්ප්ෂියර් කණ්ඩායමේ මුල් පෙළ අසරණ කළ රවී රාම්පල් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා.
[rns_reactions]

