දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු

දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය වන ලකුණු
Spread the love

සෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටිසෞඛ්‍ය සේවාව හිතාමතාම අකර්මණ්‍ය කිරීමේ වුවමණාවක් තිබෙනවාදැයි සැකයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් පළකරමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් සදහා බිලියන 12ක පමණ ණය ගෙවීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ඒ පිළිබදව සාකච්ඡාවක් කැදවා පිළියම් යොදවන ලෙස නියෝග කර සති තුනක් ගත වුවත්, අදාල නිලධාරීන් ඒ පිළිබදව කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි.

සෞඛ්‍ය ලේකම් වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙනුවට දිනෙන් දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

මෙවන් අර්බුද මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම් වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සදහා මැදිහත් වුවද, වර්තමාන සෞඛ්‍ය ලේකම් වරයගේ කළමනාකරණ දුර්වලතාවය, මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

ඒ අතර අනවශ්‍ය වියදම් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙමින් පවතින අතර, සමහර ආයතන සදහා ඉතා හොදින් වැඩකරන උපකරණ ඉවත දමා, බිලියන ගණන් වටිනා නව උපකරණ සවි කිරීම හා අඩු මුදලකට පරීක්ෂණ සිදු කල හැකි උපකරණ තිබියදි, එක් පරීක්ෂණයක් සදහා විශාල මිලක් ගෙවීමට සිදුවන උපකරණ ස්ථාපිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර අනවශ්‍ය ලෙස වැඩිකරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය‍.යේ මුදල් අමාත්‍යවරයා ඒ පිළිබදව සාකච්ඡාවක් කැදවා පිළියම් යොදවන ලෙස නියෝග කර සති තුනක් ගත වුවත්, අදාල නිලධාරීන් ඒ පිළිබදව කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැති බවයි.

සෞඛ්‍ය ලේකම් වරයා ඊට මැදිහත්වී විකල්ප සෙවීම වෙනුවට දිනෙන් දින අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අඩාල කරමින් සහ තීරණ ගැනීම ප්‍රමාද කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුළ විශාල අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

මෙවන් අර්බුද මතුවූ සෑම අවස්ථාවකම පෙර සිටි සෞඛ්‍ය ලේකම් වරුන් ඊට මැදිහත්වී විවිධ පිළියම් යොදමින් රජයත්, සෞඛ්‍ය සේවාවත් අර්බුදයකින් තොරව පවත්වා ගැනීම සදහා මැදිහත් වුවද, වර්තමාන සෞඛ්‍ය ලේකම් වරයගේ කළමනාකරණ දුර්වලතාවය, මෙවන් අර්බුද උඩුදුවන මට්ටමට පරිවර්තනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

ඒ අතර අනවශ්‍ය වියදම් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිදුවෙමින් පවතින අතර, සමහර ආයතන සදහා ඉතා හොදින් වැඩකරන උපකරණ ඉවත දමා, බිලියන ගණන් වටිනා නව උපකරණ සවි කිරීම හා අඩු මුදලකට පරීක්ෂණ සිදු කල හැකි උපකරණ තිබියදි, එක් පරීක්ෂණයක් සදහා විශාල මිලක් ගෙවීමට සිදුවන උපකරණ ස්ථාපිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය බර අනවශ්‍ය ලෙස වැඩිකරගෙන ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය‍.