එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව
Spread the love

වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පසුගිය දිනක කිහිපයේම සිට දිනෙන් දින ඉහල යමින් පවතින බවත් පොහොර කෘමිනාශක,  හිගයට වඩා එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ  පවතින අයහපත් කාලගුණික තත්ත්වය බව වෙළෙඳ සංගමයේ  සභාපතිවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍ය පරිදි වසරේ සෑම නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල එළවළු මිල මේ ආකාරයෙන් ඉහළ යෑම සිදුවන බවද එසේ සිදුවන්නේ පවතින අයහපත් කාලගුණික විපර්යාස නිසා  වගාවන් විනාශ වීම බව හෙතෙම සඳහන් කර සිටී.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා, ‘‘මෙවර  වගා  කිරීම සඳහා ගොවීන් සතුව යම් මට්ටමකින් රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය තිබෙනවා. ඒ නිසා යම් අඩුවක් පැවතියක් සැලකිය යුතු එළවළු ප්‍රමාණයක් අපට දෛනිකව ලැබෙනවා. ඒත් රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක ආදිය නොමැතිවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු සැපයුමේ හිගයක් ඇතිවිය හැකියි. එහෙත් මේ දිනවල පවතින්නේ තෙල් පොහොර හිගයක අස්වනු අඩු වීමක් නොවෙයි. ඊට ඍජුව බලපා තිබෙන්නේ අයහපත් කාලගුණය. මේක සෑම වසරකම නොවැම්බර් – දෙසැම්බර් මාසවල සිදුවන සාමාන්‍ය තත්ත්වයක්‘‘

ඒ  අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉල්ලුම සහ සැපයුම අනුව එළවළු මිල තීරණය වන නිසා බෝංචි, මාළු මිරිස්, කැරට්, ලීස් ආදී කන්ද  උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 200 සිට 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන මඤ්ඤොක්කා සහ කැකිරි, වට්ටක්කා හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 150ක් දෙසිය අතර තොග මිල ගණන් යටතේ අලෙවි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථික මධ්‍යස්ථානය වෙළෙන්දන් සහ ගොවීන් ගෙන් පිරී ඉතිරී ගිය ද මේ දිනවල එතරම් ගොවීන් පිරිසක් ආර්ථික මධ්‍යස්ථානය තුළ දැක ගැනීමට නොහැකි අතර දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි.

රුපියල් 140 ත් 150ත් අතර අලෙවි වූ තක්කාලි කිලෝවක් මෙදින රුපියල් 280ත් 300ත් අතර ඉහළ මිලකට අලෙවි වීම විශේෂත්වයකි.

දේශීය ලොකුළූණු කිලෝවක්  රුපියල්  150කට අලෙවි වෙද්දි විදේශීය රටවලින් ගෙන් වූ ලොකු ලූනු කිලෝවක් රු රුපියල් එක එකසිය 140කට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අලෙවි වන බව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එළවලු රැගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ වර්ෂාව මෙන්ම පොහොර හා කෘමිනාශක හිගය නිසා මේ තත්වය උදාවී ඇති බවය. තත්ත්වය සලකා බලා ඉදිරියේදී වගාවන් ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණයකට එළබෙන බව ද ඔවුහු කීහ.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල