“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ
Spread the love

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව කොළඹ ගාල්මුවදොර වටරවුමේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මෙම විරෝධතාව කොළඹ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පැමිණ ගාල්මුවදොර වටරවුම දක්වා පැමිණ රැස්වීමක් පවත්වනු ලැබීය.

රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට රටේ සියලුම ජනතාවට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“අද පෝලිම් යුගය බිහිවෙලා. ගෑස් පොලිම්, තෙල් පොලිම්, කිරිපිටි පොල්ම්, හාල් සීනි පෝලිම් ඒක්ක පෝලිම් යුගයක් අද මේ රජය බිහිකරලා හමාරයි. රටට බත් දුන් පියා ඩඩ්ලි සේනානායක මහතායි. එතුමා 1967 මුල්ගල් තියලා 1969 විවෘත කරපු අපේ තෙල් පිරිපහදුව වසර පනස් ගණනකට පස්සේ ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් නැතුව වහලා තියෙනවා.

බොරතෙල් ගන්න සල්ලි නැති ආණ්ඩුවට පිරිපහදු කරපු තෙල් ගන්න ඩොලර් තියෙනවා. මේ හදන්නේ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ක්‍රමවේදයන් මගින් රටත් ජන ජීවිතත් කඩා වැටී ඇති මොහොතක කොමිස් ගැසීමටයි. මිනිස්සු කුසගින්නේ සිටින මොහොතක මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භණේඩ හිඟයක් තිබෙන මොහොතක මේ ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සිටිනවා. අද පොලිස් ක්‍රියාදාමයන් තුලින්, පගාවෙන් අල්ලසින් තමන්ගේ බඩ වඩා ගන්න මේ ආණ්ඩුවේ උදවිය කටයුතු කරමින් සිටිනවා.

මේ අතර සමගි බලවේගය අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කළේය.

එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අනුරධපුරය, කලාඔයදී පොලිසිය බාධා කළ අවස්ථාවදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බවයි.