‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?

‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?
Spread the love

කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව 100% කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි.

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය FactCheck.lk හි විමසුමට ලක්කර ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය නිවැරදි බව FactCheck.lk කියයි. එම වාර්තාව සම්පූර්ණයෙන් පහත පළවේ.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පරීක්ෂා කිරීම සඳහා, අපි කාබනික කෘෂිකර්ම පර්යේෂණ ආයතනය (Research Institute of Organic Agriculture)  සහ Federation of Organic Agriculture Movements විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘The World of Organic Agriculture 2021 – සංඛ්‍යාලේඛන සහ නැගී එන ප්‍රවණතා’ වාර්තාව වෙත යොමු කළෙමු.

මෙම වාර්තාව 2008 දී කාබනික කෘෂිකර්ම ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (IFOAM) මහා සභාව විසින් සම්මත කරන ලද කාබනික කෘෂිකර්මාන්තයේ නිර්වචනය භාවිතා කරයි, එය පහත පරිදි වේ: “කාබනික කෘෂිකර්මාන්තය යනු පස, පරිසර පද්ධති සහ මිනිසුන්ගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියකි. එය අහිතකර බලපෑම් සහිත යෙදවුම් භාවිතයට වඩා පාරිසරික ක්‍රියාවලීන්, ජෛව විවිධත්වය සහ දේශීය තත්වයන්ට අනුවර්තනය වූ චක්‍ර මත රඳා පවතී…”

කාබනික කෘෂිකර්මය සඳහා වාර්තාවේ භාවිතා වන දත්ත කාබනික කළමනාකරණය යටතේ පවතින සියලුම ඉඩම් නියෝජනය කරයි, එනම් දැනටමත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය කර ඇති කාබනික ඉඩම් මෙන්ම පරිවර්තනයට ලක්ව ඇති ඉඩම්. පහත දක්වා ඇති ප්‍රස්තාර සටහන පෙන්වා දෙන පරිදි, කාබනික කළමනාකරණය යටතේ මුළු කෘෂිකාර්මික ඉඩම්වලින් අවම වශයෙන් 10% ක් ඇත්තේ රටවල් 16 කට පමණක් වන අතර, මෙම ලැයිස්තුවට ආසියානු කලාපයේ කිසිදු රටක් ඇතුළත් නොවේ.

2019 වසරේ දී ශ්‍රී ලංකාවේ මුළු කෘෂිකාර්මික ඉඩම්වලින් 2.5%ක් වූ කාබනික වගාවට යොදවා තිබූ බවත්, කාබනික කළමනාකරණය යටතේ ඇති මුළු භූමි ප්‍රමාණය 2018 සිට 2019 දක්වා හෙක්ටයාර 77,169 සිට හෙක්ටයාර් 70,436 දක්වා 8.7% කින් අඩු වී ඇති බවත් වාර්තාව ඇස්තමේන්තු කරයි.  එබැවින් පවතින සංඛ්‍යාලේඛන මත පදනම්ව, අපි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය ලෙස වර්ග කරමු.

*FactCheck.lk හි තීන්දුව පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි නවතම තොරතුරු මතය. සෑම සත්‍ය පරීක්‍ෂණයකදීම මෙන්, නව තොරතුරු ලබා ගත හැකි නම්, FactCheck.lk විසින් තක්සේරුව නැවත බැලීම සිදු කරනු ඇත.

FactCheck යනු Verité Research විසින් පවත්වාගෙන යනු ලබන වේදිකාවකි.  අදහස්, යෝජනා සහ ප්‍රතිපෝෂණ සඳහා කරුණාකර www.factcheck.lk වෙත පිවිසෙන්න.

by – dailymirror