ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට පෙර අවසන් කැබිනට් රැස්වීම කැඳවා ඇත්තේ අගමැතිවරයා සමග කැබිනට් සංශෝධනය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවූ බැවින් හා අමාත්යංශවල කටයුතු අවසන් කරන ලෙස අමාත්යවරුන්ට උපදෙස් ලබා දීමටත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉදිරි කැබිනට් සංශෝධනයේදී අමාත්ය සාගල රත්නායක මහතාට විදෙස් කටයුතු අමාත්යංශය ලබා දීමටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගනු ලැබූ තීරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ශ්රීලනිප අමාත්යවරුන් පෙන්වා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්යංශයෙන් මංගල සමරවීර මහතා ඉවත් කරනවා නම් එය මහින්ද සමරසිංහ මහතාට ලබා දිය යුතු බවයි. ශ්රී ලංකාවේ විදෙස් ප්රතිපත්තිය හා එකඟ නොවන ප්රතිපත්ති සඳහා සහය දැක්වීමට මංගල සමරවීර මහතා කටයුතු කිරීම ඔහුව ඉවත් කිරීමට හේතුව බවත් එහෙත් ඔහුගේ විදෙස් සබඳතා ශක්තිමත් බවත් එවැනි ශක්තිමත් විදෙස් සබඳතාවයක් ගොඩ නැගිය හැකි වෙනත් පුද්ගලයෙක් වේ නම් ඒ මහින්ද සමරසිංහ මහතා බවත් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. රවී කරුණානායක මහතාට වරාය අමාත්යංශය ලබා දීමට එරෙහිවද දැඩි විරෝධයක් පළ කරමින් ශ්රීලනිප අමාත්යවරුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.
මේ අතර කැබිනට් සංශෝධනයෙන් පසු අමාත්යංශ ලේකම්වරුන්ගේ සංශෝධනයක් හා රාජ්ය ආයතන ගණනාවක සභාපතිවරුන් හා අධ්යක්ෂ ජනරාල්වරුන්ගේ මාරු කිරීම්ද සිදු කිරීමට නියමිතයි.
[rns_reactions]

