ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තද ඔහුගේ දක්ෂතා සහ ඔහුගේ නම වෙනදාටත් වඩා ක්‍රිකට් ලෝකයේ මේ දිනවල අසන්නට ලැබේ.
එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වන සංගා,ඉදිරි අගෝස්තු මාසයේ ඇමරිකාවේ T20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟ මාලාවේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරන සංගක්කාර එලබෙන අගෝස්තු 5 සහ 6 දිනවල මෙම තරඟ පැවැත්වීමට නියමතය.
මෙම තරඟ සම්බන්දෙන් අදහස් දක්වන සංගා,
“ඇත්තටම ඇමරිකාවේ ක්‍රීඩාකරන එක හොඳ අත්දැකීමක්,එහෙ තියෙන්නේ ගොඩක් ලකුණු තියන තණතිලි ඒ වගේම මම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියනවා ක්‍රිකට් වලට,මම ඇමරිකාවේ අන්තිම වරට ක්‍රීඩා කරපු ඕල්ස්ටාර් තරඟවලියෙදිත් ලොකු අත්දැකීමක් ලැබුවා,ඒ වගේම මේ දවස් දෙකත් හොඳ අත්දැකීමක් වේවි අපිට.’
[rns_reactions]

