කැබිනට් සංශෝධනය ස්ථිරයි

කැබිනට් සංශෝධනය ස්ථිරයි
Spread the love

ජනාධිපතිවරයා තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන රාවය බොහෝ දුරට සත්‍ය වනු ඇති බවත් එය සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි.

එම වාර්තාවේ මෙසේ ද දැක්වේ.

පසුගිය අගෝස්තුවේ සිදු වූ කැබිනට් සංශෝධනයට සමානව අවසන් මොහොතේ ජනාධිපතිවරයා විසින් කරන ලද නිවේදනයකින් ඇතැම් ප්‍රධාන අමාත්‍යවරුන් ද තිගැස්මකට ලක්විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා රටින් පිටවීමට පෙර මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඔහු පැමිණි පසු එය සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ රාත්‍රියේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් මේ ගැන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් කියා සිටියේ මෙම සංශෝධනය පිළිබඳව තමන් නොදන්නා නමුත් පැතිර යන කටකතා තමන්ටද ඇසුණු බවයි.

කෙසේ වෙතත්, වෙනස්කම් වලට මුහුණ දෙන්නේ කවුරුන්ද නැතහොත් කතුරට හසුවන්නේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත. අගෝස්තු මාසයේ සිදු වූ කැබිනට් සංශෝධනයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් අවසන් මොහොතේ නිවේදනයක් නිකුත් කරන තෙක් අමාත්‍ය මණ්ඩලය ඒ ගැන නොදැන සිටියේය.