ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘
Spread the love

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට නොයෑම නිසා එය අසාර්ථක වූ බවයි.

“රසායනික පොහොරවලට මාරුවීමේ ක්‍රියාවලියක් තිබෙන බව ඇත්ත. එය වසර 10ක් ව්‍යුහගත කළ යුතුව තිබුණත් අපි දන්නා පරිදි ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ විෂයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කළා. ඔහු පත්කර මාස හයක් ගතවී තිබෙනවා. විෂය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් කටයුතු කළේ නැහැ. අවසානයේ ජනාධිපතිවරයාට දැඩි තීරණයක් ගැනීමට සිදු වුණා. නායකයින් තම ජාතියේ අභිවෘද්ධිය සඳහා මෙය කළ යුතුයි” නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තවද, දැනට රට තුළ පවතින දැවෙන අර්බුද හමුවේ, රාජපක්ෂ පාලනයේ වත්මන් ජනප්‍රියත්වය අඩු වී ඇති බව පිළිගත් නාමල් රාජපක්ෂ මහතා මෙය තාවකාලික බවත්, මේ වසරේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.