මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහින්දානන්දට අධිචෝදනා

Spread the love

මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්දයෙන් කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කර තිබෙනවා.

නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කලේ උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 270ක් යොදා කොළඹ ප්‍රදේශයෙන් දේපලක් මිලදී ගැනීම සම්බන්දයෙන් එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කල බවයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම අධිචෝදනා පත්‍රය ගොනු කල බව ඔහු සඳහන් කර තිබෙනවා.

මිට අමතරව ශ්‍රීලංකා නිදහස්  කම්කරු කොන්ග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක් පිළිබඳව විස්වාසය කඩ කිරීමේ සිද්දියක් සම්බන්දව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ මගින් ගොනු කල මෙම අධි චෝදනා ඉදිරි දින වලදී විභාගයට ගැනීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. වරෙක ඔහුගේ බිරිද ඔහුට විරුද්ධව දැමු දික්කසාද නඩුවේ වත ගොත  පිළිබඳව  මුළු රටම දන්නා ප්‍රසිද්ධ කරුණකි. රුපියල් 1200ක පඩියකට රස්සාවට ගිය  එතුමා පිට රටවල  ගෙවල් මිලදී ගන්නා තරමට අධි පෝසතෙකු වුයේ ධන ලක්ෂ්මි වාලම්පුරියක් වත්  ලග තබා ගැනීමෙන්ද ?