මහේන්ද්‍රන් බෑනාගේ අරක්කු කොම්පැනියට 2017 අයවැයෙන් 100%ක ප්‍රාග්ධන දීමනාවක්…

Spread the love

කුප්‍රකට බැදුම්කර මංකොල්ලයට නමගිය අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් ට අයත් W.M.මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා 2017  වසරේ අය වැය තුලින් 100%ක ප්‍රාග්ධන දීමනාවක් හිමි වි තිබෙනවා. කල්කුඩා ප්‍රදේශයේ ඉදිවෙම්න් පවතින නව මත්පැන් නිෂ්පාදනාගාරයෙහි වටිනාකම රුපියල් කෝටි 400ක් බවත් ඉහත සඳහන් කල  100%ක ප්‍රාග්ධන දීමනාව ලබා දී ඇත්තේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ ආයෝජනයට සඳහායි.   ENA වර්ගට අයත් මෙම මත්පැන්  නිෂ්පාදනාගාරය  සඳහා අනුමැතිය ලැබී ඇත්තේ 2017 අයවැයට කලින් බව වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කරනවා.

2015 මැයි  13න් වන දින රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා මෙම මත්පැන් නිෂ්පාදනාගාරය නියම ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබාගෙන ඇති බවයි. ඊට දින දෙකකට පසුව සුරාබදු දෙපතමේන්තුව විසින් ද  මෙම මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම අනුමැතිය ලබා දී ඇති දෙපාර්තමේන්තු  දෙකම  මුදල් ඇමති රවී කරුණානායක මහතා යටතේ පැවතීම ද විශේෂ කාරනාවකි.

 

මේ අතර ඉකුත් මාර්තු 16 වැනි දින මඩකලපුව එරාවුර් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පළවූ අදහසයි මේ..

“ලංකාවේ වැඩිම මත්පැන් අලවිසැල් තිබෙන්නේ මඩකලපුවේ. මත්පැන් අලවිසැල් යලි අරබන්න එපා කියලා ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් තිබෙනවා. එහෙම තිබියදීත්  මත්පැන් අලවිසැල් පමණක් නොව ඇලෝසියස් මහතාගේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ද මේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. එකේ වියදම කෝටි 450ක්. දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, වාලච්චේන ප්‍රාදේශීය සභාව, වාලච්චේන ප්‍රාදේශීය සභාවේ ලේකම් උත්සහා  ගත්තා මෙය නවත්වන්න. නමුත් ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව මෙය කරගෙන යනවා..”  යනුවෙනි 

වාලච්චේන කල්කුඩා ප්‍රදේශයට ගියහොත් මේ වනවිටත් බැදුම්කර මුදල් වලින් අරක්කු නිෂ්පාදනාගාරය ඉදිවන හැටි ඔබට සියැසින් දැකගත හැකියි.