ගෝඨාභයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි…

Spread the love

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා රහස් පොලිසිය කැඳවීම මත අද (02) උදෑසන 9.30 පමණ සිය ආරක්ෂකයින් සමග රහස් පොලිස් මූලස්ථානය වෙත පැමිණි අතර මේ වන විටත් ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවෙමින් පවතී. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කරනු ලබන්නේ මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙනි.

රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්‍රශ්න කිරීම අද අවසන් කළ නොහැකි බවයි. ඒ අනුව තව දිනයක් හෝ දින කිහිපයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසිය වෙත පැමිණීමට සිදුවනු ඇත.

කීත් නොයර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට මේජර් බුලත්වත්ත ඇතුළු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙති. ඔවුන්ගෙන් හෙලිවූ කරුණු මත මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරේ.

[rns_reactions]