2017 වසරේ ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා "රවී කරුණානායක"

Spread the love

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2017 වසරේ ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍යයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් නම් කිරීමට අදාළ සම්මානය පිරිනැමීම ලබන බ්‍රහස්පතින්දා (23) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සිදු වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මෙම නම් කිරීම සිදු කළේ.

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ද බෑන්කර් සඟරාවේ ප්‍රධාන මූලස්ථානයේ සිදු කරන මෙම සම්මාන ප්‍රදානය සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමත බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.