මේ ඔහු තම ෆේස්බුක් පිට්ටුව මත පල කල අදහසසයි…
“එක්සත් ජාතික පක්ශයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ කුමක්ද?
පාක්ශිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩනැගීම හා රජයේ මැති ඇමතිවරැන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ශ සාමාජිකත්වය අත්හිටවු බවට එක්සත් ජාතික පක්ශ නායක ගරැ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මා හට දැනුම් දී ඇත.
කුමන අභියෝගය පැමිනියත් හෘදශාක්ෂියට එකගව ක්‍රියා කිරීම හරහා ඕනෑ තරම් බැටකා පුරැදු මාහට ඇති එකම කණගාටුව නම්, රටට හෙන ගැසුවත් තම දේශපාලන බලය ස්ථාපිත කරගැනීමට වෙර දරන ජනපති වරයකු යටතේ, එක්සත් ජාතික පාක්ශිකයා හා සාදාරනය අමතක කරමින්, අද අප පක්ශය ගමන් කරන දිශාව පිලිඹදවයි.
නැති බැරි මිනිසුන් ඇති හැකි කල, අභිමානවත් නායකයන් බිහිකල එක්සත් ජාතික පක්ශය, ප්‍රභූ පංතියේ මිතුරන්ට ආවඩන, කශේරැකාවක් නොමැති, එහෙයියන් ගොට්ටන් පිරැනු ගව මඩුවක් බවට පත් කීරීම හරහා ඉදිරියේදී රටට හෝ පක්ශයට ජයග්‍රනයක් බලාපොරොත්තු විය හැකි දැයි පක්ශයට ලැදි සියලු දෙනාටම සිතා බැලීමට කාලය එලඹ ඇත.”
අනුරාධ විමලරත්න.
කොළඹ දිස්ත්‍රික් මංත්‍රී (එ.ජා.ප)
බස්නාහිර පලාත් සභාව.
[rns_reactions]