සයිටම් වැහුවොත් වෙන්නේ කුමක්ද?

Spread the love

ප්‍රමිතිය සැලකිල්ලට ගෙන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමූහොත් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක් ද වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

සරසවි සිසුන්ට පසුගියදා කොළඹ දී එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

[rns_reactions]