විමල් වෙනුවෙන් මහින්ද පෙනී නොසිටි..(video)

Spread the love

කෝටි නවයකට ආසන්න මුදලක් වංචා කිරීම හේතුවෙන්  රක්ෂිත බන්දනාගාර ගත කර ඇති විමල් විරවංශ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වේ. මිට පෙර අවස්ථාවකදීත් ලේමන්පෆ් කකා උපවාස කල විමල් විරවංශ මහතා බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා තැබිලි වතුර පොවා එම මාරාන්තික උපවාසයෙන් බේරා ගත් බව අප ඔබ කවුරුත් හොදින් දන්නා කාරණයකි. 

නමුත් මෙම අවස්ථාවේදී නම් එසේ නොකරන බව  මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රකාශ කලා.එතුමන් කියා සිටියේ “දැන් වෙන කට්ටිය ඉන්නවනේ එතුමව නැගිට්ටවන්න” යනුවෙනි  

එමෙන්ම තම ප්‍රචාරණ කටයුතු සඳහා  රුපවාහිනී සංස්ථාව වෙත රුපියල් ලක්ෂ 1600ක මුදලක් ගෙවීම පැහැර හැර  සිටීම සම්බන්දයෙන් එතුමා කියා සිටියේ ඒ සම්බන්දව තමන්ට කිසිදු වගකීමක් නැතැයි  යනුවෙනි.