පරාජයට හේතුව පිටුපස රහසිගත සැලසුමක්!

Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා.

තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස් කිරීමට සමත් වුණා.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුණේ එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. බංග්ලාදේශය එක්දින පිටියේ වාර්තා කළ 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

ප‍්‍රතිවාදී කණ්ඩායමක් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීමද විශේෂත්වයක්.

ලකුණු 325 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් රැස් කළා. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ තිසර පෙරේරා පන්දු 35 කදී හයේ පහර දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 55 ක්.

ශතකයක් වාර්තා කළ බංග්ලාදේශ ආරම්භ පිතිකරු තමීම් ඉක්බාල් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.

තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස මේ වන විට බංග්ලාදේශය පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා රංගිරි දඹුළු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.