ඇමති මහින්ද බලය අතහරියි – වගකීම් රැසක් රාජ්‍ය ඇමතිට පවරයි

Spread the love

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇති බව අපට වාර්තා වේ. පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින සිට  ක්‍රියාත්මක වන පරිදි එම වගකීම් පවරා ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කළේය.  

මේ අතර මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය.