කොලොන්නාව කසල ගැටළුව හා සම්බන්ධ ගැටළු වලදි කොලොන්නාවේ උපන් කොලොන්නාවේ හැදුණු වැඩුණු තමන් ඉතා සංවේදිව ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එම ගැටළුව විසදිම සදහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.. මාධ්‍ය සංදර්ශණ වල නිරත අයවලුන් මේ වනවිට මෙම ගැටළුව විසදිමට ගෙන ඇති පියවර මොනවාදැයි ඔහු විමසයි. තමන්ට සංදර්ශණ කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කොලොන්නාව ජනතාව වෙනුවෙන් කසල ගැටළුව විසදිමේ වගකිම තමා භාරගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.