බලලෝභි පරාජිතයා මාධ්‍ය නිවේදනයකින් රටම හිනස්සයි..

Spread the love

දෙවතාවකට පමණක් සිමාකර තිබු ජනාධිපතිධුරය දැරිමේ සිමාව ඉවත්කරමින් ජිවිත කාලය පුරාවටම ඒකාධිපති පාලකයෙක් බවට පත්විමට උත්සහ කල මහින්ද අද නිකුත් කල මාධ්‍ය නිවේදනය මුළු රටටම විහිළුවක් වි ඇත.

තම පාලන සමය තුල රට ජාතිය ආගම වලපල්ලට දමමින් කටයුතු කල මහින්ද රාජපක්ෂ හදිසියේම ව්‍යවස්ථාව ගැන බිල්ලන් මැවිමට කතාකිරිම හාස්‍යයට කාරණාවක් බව විද්වතුන් පවසයි. තම බලය ඒකාධිපතිකම දක්වා ප්‍රවර්ධනය කිරිමට කටයුතු කල මෙවන් බලලෝභි පාලකයන් බලය අහිමිව ගිය පසු ‍ළමයින් ලෙස ක්‍රියාකිරිමේ අරමුණ බලය ලබාගැනිම පමණක් බව විද්වත් මතවාදය වි ඇත.

බලය අහිමිව ගිය තැන උම්මත්තකයෙක් ලෙසින් යලිත් කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශකිරිම මහින්දගේ ප්‍රයත්නය වි ඇති බව සියල්ලෝම මේ වනවිටත් වටහාගෙන ඇත.