පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසේ තිබී මෙම වාහනය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.