විමල්ගේ දියණියගේ වයස හදිසියේම අවුරුදු 12ට වඩා අඩු වෙයි.

Spread the love

විමල් විරවංශ තාමත් ජලය පණක් පානය කරමින් මේ වන විට බන්ධනාගාර රෝහල තුල තවමත් උපවාසයක් පවත්වමින් සිටි. මේ පෙන්වාදීමට උත්සහා කරන්නේ විමල් වීරවංශගේ එම නාට්‍යයේ තවත් එක් පැතිකඩකි. එනම් හදිසියේම තම දියණියගේ වයස අවුරුදු 12ට වඩා අඩුවීමක් පිළිබඳවයි.

පසුගිය  24 දා විමල් විරවංශ මහතා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. ඒ  විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය  පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප‍්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.

මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි.

එම නාටකයේම තවත් අරුම පුදුම කරුණක් ඇත. 

එනම් විමල් වීරවංශ සිය පවුල පිටින් පදිංචිව සිටින්නේ හෝකන්දර නිවසේය. ඔහු බන්ධනාගාරගතව සිටින්නේ මැගසින් බන්ධනාගාරය තුලය. නමුත් දරුවන් අසනීපව ප්‍රතිකාර ගැනීම සඳහා පළමුව ඇතුලත් වන්නේ තමන්ට ඉතාමත් දුරකින් පිහිටි රාගම රෝහලටයි.

ඉතිං අප ඔබ අසනීප වූ විටක ලගම තියෙන හොදම රෝහලකට යනවා වෙනුවට ඉතා දුරකින් පිහිටි රෝහලක් වෙත යනවාද?