ජනපති නිය‍මයෙන් ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් කිරිමට කඩිනම් පියවර….

Spread the love

උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

මේ හා සමගාමීව ලංකා සතොස අලෙවිසැල් 52 ක් දිවයින පුරා විවෘත කිරීම ඊයේ සිදුකෙරිණි.

මේ අනුව දැනට දිවයින පුරා ලංකා සතොස අලෙවි සැල් 380 ක් පවතින අතර මෙම වසර අවසාන වන විට එය 500 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

කොහුවල නව සතොස අලෙවිසැල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.