දිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය රංගන ශිල්පියාගේ අදහසකට අනුව සැකසුණු ගීතයක් පිළිබඳව පසුගිය දා අසන්න ලැබුණා.
‘මගේ මරණ මංචකයේ
මා නෙතු පියවන්නට පෙර
එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න..
මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..’ යනුවෙන් ගීතයක් සකසන ලෙසයි ඔහුගේ ඉල්ලීම වුණේ.
මේ පද ගීතයක් ලෙස සකසන්නැයි ඉල්ලීම ලැබුණේ උදයකාන්ත වර්ණකුලසූරියගේ චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයා වූ නඳුන් රත්නායක වන අතර ඔහු ලියා තනු නිර්මාණය කළ එය ගායනා කළේ සංගීත් කොඩිතුවක්කුයි.

