”එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු ” – ජනපති නායකත්වයෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද ඇරඹෙයි

Spread the love

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද (6) ආරම්භ කෙරෙනවා. ඒ, ”එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු ” තේමාවෙන්. දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන අඛණ්ඩව නව ජවයකින් ඉදිරියට ගෙනඒමයි අරමුණ. කැකිරාව තිබ්බටුවැව ජලාශය අසලදී පෙරවරු 8.30 ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික වප් මගුල් උත්සවය පවත්වා මෙම වැඩසටහනේ සමාරම්භය සිදුවන බවයි ජනාධිපති කාර්යාලයසදහන් කළේ. ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය ලබන 12 වනදා දක්වා ක‍්‍රියාත්මක වනවා. අද ගොවි දිනය ලෙසයි නම්කර තිබෙන්නේ. දිවයින පුරා ගොවීන්ට බීජ වී ලබාදීම , පොල් අක්කර දෙදහසක් පුනරුත්ථාපනය ඇතුළු වැඩසටහන් රැසක් අද (6) සිදුකෙරෙන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.


ගෙවතු සංවර්ධන විශේෂ වැඩසටහන් ආරම්භ කිරිම , මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු 2500 ක් ලබාදීම, රුක් රෝපණ වැඩසටහන් , නව කෘෂි තාක්ෂණය පිළිබද පුහුණු වැඩමුළු සහ කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට උපකරණ ප‍්‍රදානය ද අද (6) වැඩසටහන් අතරට ඇතුළත්. භෙට (7) ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ සිසු දිනය ලෙසයි නම්කර තිබෙන්නේ.

[rns_reactions]