ඉරාජ්ගේ වීඩියෝව අභිබවා එයට එරෙහි ‘දැනුණා‘ වීඩියෝව යූ ටියුබ් තුළ මුල්තැනට.

Spread the love

පසුගිය සතියේ කථාබහට ලක්වූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අපහාස වන ‘දැනුණා‘ නමැති මියුසික් වීඩියෝවෙන් පසුව එය නිර්මාණය කළ ඉරාජ් වීරරත්නට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිරෝධයක් එල්ලවී තිබුණි. මින් දින දෙකකට පෙර එහි කෙසෙල් කමින් රඟපෑ නිළි පියුමි හංසමාලිට කොරියාවේදී ප්‍රහාරයක්ද එල්ලවූ අතරම ක්ෂෙත්‍රයේ පිරිසක් එක්වී මේ වනවිට ඉරාජ්ගේ රුවට සමාන වෙනත් අයෙකු යොදවා ඒ නමින්ම මියුසික් වීඩියෝවක් නිකුත් කර ඇත්තේඉරාජ්ට කිසියම් පහරක් එල්ල කිරීමේ අටියෙන් බව පෙනී යයි.
මේ දක්වා යූටියුබ් තුළ ලංකාවේ Trending මුල්තැන දිනා සිටි ඉරාජ්ගේ වීඩියෝව අභිබවා මේ නවතම වීඩියෝව අංක එකේ ස්ථානයටද පත්ව ඇත.
Danuna – Ft Praj & Kavisara Kodithuwakku නම්වූ එම වීඩියෝව යටින් මෙවැනි සටහනක්ද තිබේ.

‘තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව.. මෙහි එන සියලුම දේ මනඃකල්පිතය. කිසිවෙකු ඌයියා කරගැනීමෙන් වලකින්න..’

[rns_reactions]