“ජනතාවට අපි කියන්නේ හම්බන්තොට කිසිදු දේපලක් විකිණීමට තියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා රාජ්‍ය දේපල විකිණීම කරන්න දෙන්නේ නැහැ. එතුමා පහුගිය අපේ ආණ්ඩු සමයේම විකුණල තිබිච්ච පෝර්ට් සිටිය බදු පදනම දක්වා ආපස්සට පවා ගෙනාව නායකයෙක්. රාජ්‍ය දේපොල විකුණන්න දේනනේ නහැ.”
“අවාසනාව කියන්නේ මේ රටේ ජනමාධ්‍යවත් මේ සම්බන්ධයෙන් හරි හැටි ජනතාව දැනුවත් කරන්නේ නැහැ. ඔය පිරිස කරන කියන එක පමණක් පලකරනව. ඇත්ත හරියට හොයල බලන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් වෙලා නැහැ”
මෙරට කිසිදු රාජ්‍ය දේපලක් විකුණා දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

