ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ දී අද (07) පස්වරුවේ පැවැත්විනි.
මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, සෞඛ්‍ය ලේකමි ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.


