බස්නාහිර පළාත් සභා මන්ත්රී උපාලි කොඩිකාර, දකුණු පලාත් සභා මන්ත්රී සම්පත් අතුකෝරාල සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්රසන්නට අද දිනයේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ.
ඩී.වී. චානක මන්ත්රීවරයාට හෙට දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අද දිනයේ පොලිසිය හමුවේ පෙනි සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉකුත් දා පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සෙවීම සඳහා ඊයේ රාත්රියේ හම්බන්තොට හා ඒ අවට ප්රදේශවල පොලිස් මෙහෙයුමක් ක්රියාත්මක වූ බවද අප වාර්තාකරු සඳහන් කළා.

