මුදල් ඉදිරියේ ඉරාජ්ගේ ප* බවට පත්වූ නොක් අවුට් කරු මාධ්‍ය ඉදිරියේ බබා වෙන්න හදලා නෝන්ඩි වෙලා..

Spread the love

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු ජනප්‍රිය මෙන්ම ජ්‍යෙෂ්ඨ සටන් නළු විල්සන් කරුණාරත්න මහතා සතිඅන්ත පුවත්පතක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ මෙම වීඩියෝවේ රඟ පෑමෙන් තමන් විශාල වැරැද්දක් සිදු කරගත් බවයි.

ඉතින් කොහොමද?

අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?…

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?

ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

ඉරාජ් මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා.

මට කතාකළාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ.

රූගතකිරීම් කරන කොට මමත්මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා.

ඉරාජ් කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?

බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත‍්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා.

ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ.

මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඉරාජ් ඔබට කතාකළාද?

නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් “මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ” කියලා අහන්න.

වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

[rns_reactions]