Blog

  • ජනාධිපතිටත් පස්සෙ දොරෙන් ඇතුළු වෙන්න නොදී ආරක්‍ෂකයින් හරවා යවයි !

    රෝගී වී කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින තම හිතවතෙකු බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයෙ (26) දිනයේ එහි ගියත් රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් ඔහුට බාධා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

    ජනාධිපතිවරයා රැගත් වාහනය රෝහලට ඇතුළු වීමට උග්සාහ දරා ඇත්තේ රෝහලේ පිටවීමේ දොරටුවෙනි.

    එහි සිටි ආරක්‍ෂක නිලධාරීන් වාහනයට ඇතුළුවීමට ඉඩ දී නැති අතර ජනාධිපතිවරයා එහි සිටින බවත් නොදැන සිට ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකර වාහනය ආපසු ගොස් ප‍්‍රධාන ගේට්ටුවෙන් රෝහලට ඇතුළු වී තිබෙන බවද සදහන්ය.

    පිටවීමේ ගේට්ටුවෙන් වාහන ඇතුළු කලහොත් ආරක්‍ෂක නිලධාරීන්ගේ වැටුපෙන් යම් මුලදක් කපා දැමීමේ නීතියක් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන් එසේ කටයුතු කර ඇති බවද පැවසෙයි.

    කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ආරක්‍ෂක නිලධාරීන්ගේ විරෝධය නොතකා එම දොරටුවෙන් රෝහල පරිශ‍්‍රයට ඇතුළු වී තිබෙන බවද වාර්තාවන්හි දැක්වෙයි.

    මේ ආදල ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරුවේ මරදාන පොලීසිය විසින් කැදවා තිබූ බව සදහන් වන අතර ඒ කුමන හේතුවක් නිසාදැයි වාර්තා නොවෙයි.

  • සුඟගෙන් හා වැස්සෙන් උතුරට පීඩා…

    පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්‌ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්‌ථාන තුනකටද  වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස්‌ කඩා වැටීමෙන් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී.මුලතිව් හා වවුනියාව ප්‍රදේශයට වැඩිම වර්ෂාවක්‌ ලැබී ඇති අතර එම ප්‍රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී. මුලතිව් ප්‍රදේශයේ තාවකාලික හා ස්‌ථිර නිවාස කීපයක්‌ම ජලයෙන් යටවී ඇති අතර එම නිවාසවල සිටි පවුල්  ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ තිබේ. 

     

     

  • ඒ කාලෙයි මේ කාලෙයි කියල වෙනසක් නෑ වගේ පාවා දීම ඉතාම දරුණුයි… මහින්දගෙන් ප්‍රකාශයක් (Video)

    සංහාරයේ දෝංකාය නැමැති චිත්‍ර ප්‍රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්‍ර බලා ප්‍රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල එක්සත් ජාතීන්ට කියන්න ඕන . ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ පාවාදීම ඉතා දරුණුයි යනුවෙනි…

  • දික්කසාදය දරාගත නොහැකි වූ තරුණයා නාගයෙක්ට කියා දෂ්ඨ කරගෙන මරුට…

    ළගදි විවාහ වූ තම තරුණ බිරිඳගේ දික්කසාද වීම දරාගත නොහැකි වූ රුසියානු ජාතික Arslan Valeev නැමැති තරුණයා තමා සුරතලයට ඇතිකල නාගයාට කියා දෂ්ඨ කරවාගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබුණා.

    ඔහු මෙසේ නාගයාට කියා දෂ්ඨ කරවාගෙන ඔහුගේ අවසන් මොහොත දක්වා සජීව වීඩියෝවකින් අන්තර්ජාලය සමග එක්වී ඇත.

  • ත්‍රස්තවාදයට නැවත පණ දෙමින් යාපන සරසවියේ ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කපයි…. සිංහල-මුස්ලිම් සිසුන්ගෙන් දැඩි විරෝධතා…

    යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

    ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.

    සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.

    අදාල අවස්ථාවේ බලෙන් කේක් කැවීමේ දර්ශණ අන්තර්ජාල දමිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇතැයිද වාර්තා වෙයි.

    ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.

    – සේන රඹෑව

  • තහනම් ගස් දෙකක එකවර ගෙඩි කෑ 45හැවිරිදි දෙදරු මව , 55 හැවිරිදි අනියම් සැමියා සමඟම 28හැවිරිදි අනියම් සැමියා අතින් මරුට…

    දැරණියගල පොළිස්බල ප්‍රදේශයට අයත් මාලිබොඩ , රංවල පුදේශයේ නිවසක ඊයෙ රාත්‍රී 9ට පමණ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනයට ලක් වී තිබිණි.මෙසේ ඝාතනය වී ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දෙදරු මවකි.පිරිමි පුද්ගලයා 55 හැවිරිදි වන අතර ඔහු ඇගේ අනියම් සැමියාය.

    මෙම දෙපල එකට ගෙතුල සිටියදී එහි පැමිණි එම කාන්තාවගේම තවත් අනියම් සැමියකු විසින් තියණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනය කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.සිද්ධියෙන් තුවාල ලැබූ එම කාන්තාවගේ 7 හැවිරිදි හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.ඝාතනය සිදුකල 28 හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොළිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

     

     

  • කොටි සොහොන හදන්න වෙන්කල මන්ත්‍රී විමධ්‍යගත මුදල් අත්හිටුවයි…

    රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත.කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් මේ සඳහා වෙන්කර ගෙන ඇති බවයි.කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ මෙම සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලබාගෙන ඇති බව සඳහන්.

    රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසන්නේ පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කල අතර එතුමාගේ උපදෙස් පරිදි මෙහිදී විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක් සිදුවීදැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කල බවයි.සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිත කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක් පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතුයි.විමධ්‍යගත අරමුදල් භාවිත කරමින් සිදුකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එතෙක් යම් ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික සංහිදියාවට බාධාවන කටයුත්තක් සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය පී සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.සංහිඳියාව වෙනුවෙන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක මෙම දේශපාලනඥයන් සිදු කරන්නේ සංහිඳියාවේ සළුවෙන් හෙළුව වසා ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩි දුරටත් අවධාරණය කළේය.

    මාධ්‍ය ඒකකය
    ජාතික ප්‍රතිත්තති හා ආර්ථිකක කටයුතු අමාත්‍යංශය

  • ගීතා ගාල්ලේ දේශපාලන වැඩවලට යළි සම්බන්ධ කරගන්න එපා!

    පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිනි ගීතා කුමරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට යළිත් සම්බන්ධ කර නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභා මන්ත්‍රි එකමුතුව ඉල්ලීමක් කර ඇත.

    එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ නිවෙසේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පළාත් සභා මන්ත්‍රිවරුන් අතර පෙරේදා (25දා) පැවැති සාකච්ඡාවකදී මෙසේ පළාත් සභා මන්ත්‍රිවරුන් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
    මේ ඉල්ලීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදී ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසද මෙහි ඉල්ලීම වී ඇත.
    මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නොමැති අතර අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද සහ හිටපු ඇමැති බැසිල් යන මහත්වරුන් දැනුවත් කරන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා දැනුම් දී ඇත.

    මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විතානාච්චි මහතාගෙන් “අප ” විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.
    ඔව්, 25දා පැවැති රැස්වීමේදී අපි එවැනි ඉල්ලීමක් කළා. ඒ සඳහා පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගේ එකඟතාව ඇතිවයි ඉදිරිපත් කෙළේ. එම රැස්වීම සඳහා නොපැමිණි හතර දෙනෙක් ඉන්නවා. එහෙත් ඒ අය පවා ඒ ඉල්ලීමට එකඟයි. අපි කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනයට ගීතා කුමාරසිංහ මහත්මිය අවශ්‍ය නෑ. ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල අපි බලාගන්නවා. අවශ්‍ය නම් එතුමිය ජාතික ලැයිස්තු හරි මොනවා හරි එකකින් එන එකට අපි විරුද්ධ නෑ. එහෙත් ගාල්ල සක්‍රිය දේශපාලනය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේ විරෝධත්වය ප්‍රකාශ කරන බවත් අවශ්‍ය නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම හෝ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවද අපි රමේෂ් මන්ත්‍රිවරයාට පැවැසුවා. ඔහු කිව්වා මේ සම්බන්ධයෙන් පක්ෂයෙන් විමසා බලා තීරණයක් ලබා දෙනවා කියලා.

    [rns_reactions]

     
  • පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

    පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඞ් අප වෙත කියා සිටියේ. 

    මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් කිරීමේ කාලය ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

    මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා. 

    [rns_reactions]

  • ඇතුල්වීම දෙන්නටම 250. පඳුරු අස්සෙ ඉඳන් රූම් ගිහින් කරන වැඩ කරන අනුරපුරේ කාම උද්‍යානයක්..!

    මිනිසුන්ගේ වෙහෙස මහන්සිය නිවාගන්නට රට  පුරා බොහෝ ස්ථාන වල විවිධ උද්‍යාන ඉදිකර තිබෙනවා. කොළඹ අවට ඉන්න අයනම් බොහෝ වෙලාවට  නිවාඩු පාඩුවෙ විහාරමහාදේවි උද්‍යානට ගිහිල්ලා කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම රටේ විවිධ ප්‍රදේශ වල මේ විදියට නිර්මාණය කරල තියෙන උද්‍යාන වලට පුංචි දරුවන්ගෙ ඉඳලා වැඩිමහළු පුද්ගලයන් දක්වාම යන්න පුරුදු වෙලා තියෙනවා.

    කොහොම වුනත් මේ විදියෙ උද්‍යානවල සිදුවෙන ඇතැම් සිදුවීම් නිසා පුංචි දරුවන් පවා එම උද්‍යාන වලට රැගෙන යන දෙමාපියන් විශාල ලෙස අපහසුතාවයට පත්වෙනවා. පසුගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ උද්‍යානයක සිදුවන අමුතු විදියේ පුවතක් මුද්‍රත මාධ්‍යයක සඳහන් කර තිබුනේ මෙලෙසින්.

    පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස්‌ එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක්‌ දිව ගියේය.
     
     දෙන්නෙක්‌ ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.
     
     ‘නෑ… මම විතරයි…’
     
     ‘එහෙම නම් බෑ. පාක්‌ එකට ඇතුළු වෙන්න දෙන්නෙක්‌ ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.
     
     පසුව මම ගමන් සගයා ද කැටුව ගොස්‌ උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක්‌ ඉල්ලා සිටියෙමි.
     
     ‘ටිකට්‌ එකක්‌ දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.
     
     ටිකට්‌පත් දෙකක්‌ මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට්‌ ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු. 
     
     මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක්‌ බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක්‌ පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය. එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස්‌ කර, සෙවණ යට බංකු සකස්‌ කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස්‌ නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.
     
     අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට්‌ පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක්‌ ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක්‌ සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි. මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක්‌ පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක්‌ නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක්‌ එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.
     
     ”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක්‌ පිට කළේය.
     
     ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක්‌ මුව දොරකින් මුහුදට ගලන්නාක්‌ සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.
     
     ”පේනව නේද… පඳුරක්‌ යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක්‌ එක හවස පහ වෙනකම් ඕපන්. පාක්‌ එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.
     
     ”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්‌. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස්‌ දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක්‌ කර ගන්න පුළුවන් තැනක්‌. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක්‌ ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්. කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක්‌ එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක්‌ එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට. කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක්‌ ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක්‌ එකට බඩ ගානවා…”
     
     ”මෑතකදී මරු සිද්ධියක්‌ වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස්‌ කෙනෙක්‌ ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක්‌ විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල, පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක්‌ නිකමට වගේ ගස්‌ උඩ විපරම් කරලා. බැලින්නම් බාස්‌ උස ගහක අත්තක්‌ උඩට වෙලා පාක්‌ එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක්‌ එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස්‌ කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”
     
     ”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට්‌ විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා. මේ මෑතකදි කොල්ලො සෙට්‌ එකක්‌ ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක්‌ ලියවගෙන දිනයක්‌ කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”
     
     ”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට්‌ මේ පඳුරු අස්‌සේ රහස්‌ කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෆෝන් වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට්‌ වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක්‌ නෑ. අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක්‌ නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි.

     

    පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක්‌ වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක්‌ වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක්‌ හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක්‌ හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා. මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක්‌ ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්‌. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්‌. මේක ශාසනයටත් කරන අගෞරවයක්‌. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.
     
    අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක්‌ අපි ඇවිදගෙන ගොස්‌ සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක්‌ තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.
     
     අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක්‌ නැත. අනුරාධපුර මුළු නගරයම හරිත උයනක්‌ ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක්‌ නොවිය යුතුය. 
     
     සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක්‌ අපි බලා සිටිමු.

  • එක්වෙනවද? වෙන්ව යනවද? ඉදිරි ක්‍රියාමාර්ග ගැන මහින්ද කියූ රහස් සියල්ල හෙළිවේ .!

    මේ දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනා සමයකි. ලඟ එන මැතිවරණයක සේයාවක් තිබෙන අතර මින් පෙර විරසකව සිටි දේශපාලන කණ්ඩායම් එක්වීමට සුදානම් බවද තැනින් තැන ප්‍රකාශ වේ.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පුංචි ඡන්දයට එක්ව තරග කි‍රීමට ආරාධනා ලැබෙන අතර තිරයෙන් පිටුපස ඒ සදහා සාකච්ඡා පවා ආරම්භ වී තිබේ. 
    කෙසේ වෙතත් මෙම සාකච්ඡා වල තිරයෙන් පසුපස සිදුවූ  බොහො රසවත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒවා සැකෙවින් මෙසේය.

    පසුගිය අඟහරුවාදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගියේ අයවැය විවාදයට සහභාගීවීමටය.

    මහින්ද පාර්ලිමේන්තුවේදී දිවා ආහාරය ගනිමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හමුවූයේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදීය. 

    සර් අපි එකතුවෙලා ඡන්දයකට යමු සුසිල් යෝජනා කළේය.
    ඔයාලා යෝජනා ටික ලිඛිතව එවන්න. මම අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා තීන්දුවක් ගන්නම් හිටපු ජනපති කීවේය.
    සර් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂය අහන්නේ නිමල් සිරිපාල කීවේය.
    මම එයාලට කියන්නම්. හැබැයි තීන්දුව ගන්නේ ඒ අය තමයි. ඒක නමෛයි. මොකද නිමල් කොණ්ඩයට වෙලා තියෙන්නේ හිටපු ජනපති ඇසුවේ නිමල් සිරිපාලගේ බොරු කොණ්ඩය දෙස බලමිනි.
    මම බාරයක් වුණා සර්. ඒකට කොන්ඩේ කැපුවා නිමල් සිරිපාල උත්තර දුන්නේය.

    ඒ අනුව පසුදා උදෑසන සුසිල් සහ ජෝන් සෙනෙවිරත්න මහින්දගේ රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසට පැමිණියහ. ඔවුන් දෙදෙනා මහින්ද හමුවූයේ උදෑසන කෑම මේසයේදීය. 

    සර් අපි එකතුවෙලා ඡන්දයට යමු ජෝන් දැඩිව ඉල්ලා සිටියේය. 

    මේ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නියෝජිතයින් පිරිසක්ද ඒ වන විට මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඇමැතිවරු දෙදෙනා පිටව ගිය පසුව ඔවුන් යෝජනා මාලාවක් මහින්දගේ අතට පත් කළෝය. ඒ යෝජනා මාලාවේ ඉහළින්ම තිබූ වගන්තිය පසුව පෑනෙන් ලියා තිබුණ වගන්තියකි. එහි තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට යාමට විරුද්ධ බවය.

    මෙතැන සුසිලුයි ජෝනුයි ඉන්නවා දැක්ක නිසා දාපු වගන්තියක් නේද මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
    ඔව් සර්. අපි ඕක දැන් තමයි පෑනෙන් ලිව්වේ. එහෙම එකතුවුණොත් අපි ගම්වලට යන්නේ කොහොමද එම නියෝජිතයෝ විමසූහ.
    මන්ත්‍රී කණ්ඩායම කියන විදියකට මේ ගැන තීන්දුවක් ගන්නවා. මේ ගැන එයාලගේ මතය කියන තුරු අපි බලාගෙන ඉඳිමු. හැබැයි අපේ පැත්තේ ඉඳලා ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගියපු කීප දෙනෙක් ගන්නත් ඔයාලා මට ඉඩ දෙන්න ඕන. අපේ පැත්තේ ඉන්න සමහරු ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගිහින් ඉන්නවානේ. ඒ අය කීප දෙනෙක් ආපහු ගන්න ඕන මහින්ද කී විට පළාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයින් එයට වැඩි විරෝධයක් දැක්වූයේද නැත.

    මේ අතර දිගින් දිගටම මෙම නියෝජිත කණ්ඩායම හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන ලෙසය. 
    මම දැන් පැහැදිලිව කිව්වානේ එකතු වෙන්නේ නෑ කියලා. කලබල නැතිව බලාගෙන ඉන්නකෝ මහින්ද අවසානයේදී කීවේ තරමක් තදින්ය.
    මෙම සාකච්ඡාවෙන් පසුව මහින්ද ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවා තිබුණේ සුසිල් සහ ජෝන් පැමිණ ලබාදුන් යෝජනා ගැන සාකච්ඡා කිරීමටය.

    මට දිගටම චෝදනා කරන්නේ ඒකාධිපතියා කියලයි. මම පහුගිය කාලයේ තීන්දු ගත්තේ මන්ත්‍රීවරුන්ගෙන් අහලයි. ඒ නිසා මම සුසිල්ලා ඉදිරිපත් කරපු ලියුම ඔබතුමන්ලාට ඉදිරිපත් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවක් ගනිමු මහින්ද යෝජනා කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙන්න ලොකු වුවමනාවක් තිබෙනවා. හැබැයි මේ වුවමනාව අවංකවද මේ අයගේ චේතනාව මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.

    මේ හදන්නේ අපිව බිත්තියට හේත්තු කරලා ඉල්ලීම් දිනාගන්නයි. පහුගිය කා‍ලේ අපි ආණ්ඩුව විවේචනය කරපු විදියට අපිට ආණ්ඩුවේම කොටසක් එක්ක ඡන්දයකට යන්න බෑ පවිත්‍රා සිය විරෝධය දැක්වූවාය.
    විවිධ අදහස් මැද අවසානයේදී තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමටය. මේ කමිටුව සඳහා කුමාර වෙල්ගම සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් පත් කළත් ඔවුහු එම කමිටුවට යාමට විරෝධය දැක්වූහ. කමිටුවට යාමට අකමැත්ත ප්‍රකාශ වන විට සනත් නිශාන්ත නැගී සිටියේය.

    කාටවත් යන්න බැරි නම් මම යන්නම් සර් සනත් කැමැත්තෙන්ම වැඩේ භාරගත්තේය.
    අ‍පෝ.. ඔයා නම් යන්න එපා. එතකොට කියයි ඔයා දැම්මේ වැඩේ නොකෙරෙන තැනට පත් කරන්න කියලා. ඒ හින්දා ඔයා පැත්තකට වෙලා ඉන්න මහින්ද සනත්ට කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි. පසුව සී.බි. රත්නායකගේ නම යෝජනා විය. පසුව පවිත්‍රාගේ නමත් මහින්ද යාපාගේ නමත් එයට යෝජනා විය. 

    [rns_reactions]